චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය පිළිබඳ ඇමරිකාවේ මැදිහත්වීම් දැඩි ලෙස හෙළා දකිමින් එම කලාපයෙන් විශේෂ ගැසට් පත්‍රයක්
2024-03-31 16:08:40
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජය 2024 වසරේ ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත පිළිබඳ වාර්තාව හා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයට දැඩි ලෙස හෙළා දකිමින් ඊයේ(30) විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ තත්ත්වය පිළිබඳ වන ඇමරිකාවේ එම වාර්තාව හා එරට රාජ්‍ය ලේකම් Antony Blinken මහතා‍ගේ ප්‍රකාශය කිසිදු සත්‍යතාවකින් තොර අපහාස කිරීමක් බව එම ගැසට් පත්‍රයේ සඳහන් විය.  චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජය ඊට දැඩි විරෝධයක් පළ කරමින් එය හෙළා දැක ඇත.

මෙය ඇමරිකාව හුදෙක් සිය දේශපාලන ප්‍රතිලාභය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තාවක් බව ද එම ගැසට් පත්‍රයෙන් පෙන්වා දෙයි.

චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන හොංකොං‍ විශේෂ පරිපාලන කලාපයේ කටයුතු කෙරෙහි ඇමරිකාව උපක්‍රමශීලිව මැදිහත් වීම හා හොංකොංහි සමෘද්ධිය හා ස්ථාවරත්වය විනාශ කිරීමට ප්‍රයත්න දැරීම කිසි දිනක සාර්ථක නොවන අතර ඉන් ලැබෙනුයේ සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රතිඵලයක් බව ද හොංකොං රජයේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය ස්ථීර ලෙස අනුගමනය කරන හොංකොං විශේෂ පරිපාලන කලාප රජය නීත්‍යනුකූලව රටේ ආරක්ෂාවට හානි සිදු කරන ඕනෑම ක්‍රියාවන් හා මෙහෙයුම් වැළැක්වීම, නතර කිරීම හා එයට දඬුවම් කිරීම සිදු කරමින අතර හොංකොං වැසියන්ගේ අයිතිවාසිකම් හා නිදහස සහතික කරන බව ද සඳහන් කර ඇත. ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතා මූලධර්මයන්ට විරෝධි ක්‍රියාවන් සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කරන ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාප රජය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම