පාතාලය සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා පවසයි
2024-03-30 15:11:46
Share with:

යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. 

මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.එමෙන්ම පාතාලය සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. එවැනි සබඳතාවන්ට සම්බන්ධ හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට යොමු කර ඇති බවද හෙතෙම පැවසීය. එම අයට විරුද්ධව විනයානුකූල පියවර මෙන්ම නීතිමය පියවර ගන්නා බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම