චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා අඛණ්ඩව ඉහළට
2024-03-30 19:01:06
Share with:

පසුගිය දා චීනයේ හයි නැන් පළාතේ පැවති බෝ ආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව සඳහා රටවල් හා ප්‍රදේශ 60ක පමණ දේශපාලන, ව්‍යාපාරික හා විද්වත් ප්‍රජාවල නියෝජිත‍යෝ එක් වූහ.එම සිව්දින සමුළුවේදී ඔවුන් ආසියාව හා ලෝකය අතර පවතින සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. ආසියා රටවල් සමගියෙන් හා සහයෝගයෙන් පොදු සංව‍ර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම ඔවුන් පෙන්වා දී තිබේ.ආර්ථික වර්ධනය අතින් සහ තාක්ෂණික ප්‍රගමනය අතින් ආසියා රටවලට දීප්තිමත් අනාගතයක් හිමි වන බවත්, ආසියා රටවල් වි‍ශේෂයෙන් චීනය ගෝලීය ආර්ථිකයේ තිරසර සංවර්ධනය සඳහා වැදගත් බලවේගයක් බවට පත් විය හැකි බවත්, ඔවුහු පවසති.

මෙවර බෝ ආඕ ආසියා සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගි වූවන්ගෙන් බහුතරය චීන ආර්ථිකය කෙරේ දැඩි විශ්වාස තබා සිටිති. චීන ආර්ථිකයට ඇත්තේ ප්‍රබල නම්‍යශීලිත්වයක් පමණක් නොව නව සංවර්ධන විභවයක් ද චීන ආර්ථිකයට හිමි වන බව ඔවුහු කියා සිටිති. වත්මන් චීන ආර්ථිකය පිළිබඳ සඳහන් කිරීමේදී ” නව ගුණාත්මක ඵලදායීතාව ඉහළ නංවාලීම ” යන්න නිරන්තරයෙන් කතා බහට ලක්වේ. ”නව ගුණාත්මක ඵලදායීතාව ” මෙවර බෝ ආඕ වාර්ෂික සමුළුවේදීත් වැඩි කතා බහට ලක් විය. ආර්ථිකයේ නව සංවර්ධන රාමුවකට චීනය සූදානම් වීම ”නව ගුණාත්මක ඵලදායීතාව ” යන්නෙන් පිළිබිඹු වේ. චීනය වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින් වඩාත් මනා සූදානමකින් අනාගතය වැළඳ ගැනීමේ අධිෂ්ඨානය ”නව ගුණාත්මක ඵලදායීතාව ඉහළ නංවාලීම ”මගින් පැහැදිලි වන බව සමුළුවට එක්වූ නියෝජිතයෝ කියා සිටිති.

චීනය රැගෙන එන්නේ දීප්තිමත් හෙට දවසක් බවට අදහස් දක්වා ඇත්තේ බෝ ආඕ ආසියා සමුළුවට සහභාගි වූවන් පමණක් නොවේ. නොබෝ කලකට පෙර පැවති චීන සංවර්ධනය පිළිබඳ ඉහළ පෙළේ සංසදයට එක්වූ අන්තර්ජාතික සමාගම්වල ජ්‍යෙෂ්ඨ පරිපාලකයන් ද එවන් විශ්වාසයක්  පළ කර ඇත. නවෝත්පාදනය, හරිතකරණය, විවෘතභාවය සහ බෙදාගැනීම යන ලක්ෂණවලින් යුත් එවන් හෙට දවසක්, චීනයට පමණක් නොව ආසියාව හා ලෝකයට ද අයිත් වනු ඇතැයි ඔවුහූ පවසති.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම