ප්‍රථම චීන-කසකස්ථාන උපාය මාර්ගික සංවාදය බෙයිජිංහි දී
2024-03-30 19:04:02
Share with:

චීන හා කසකස්ථාන විදේශ අමාත්‍යවරු ප්‍රථම චීන-කසකස්ථාන උපාය මාර්ගික සංවාදය පවත්වති.

එම සංවාදය ඊයේ (29) බෙයිජිං හිදී පැවැත්විණ.

දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපාය මාර්ගික මඟපෙන්වීම යටතේ චීනය හා කසකස්ථානය අතර පවතින සම්බන්ධතා සෙසු අසල්වැසි රටවල් සඳහා ආදර්ශයක් බවට පත්ව ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී කියාසිටියේ ය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ද්විපාර්ශ්වික වෙ‍ළඳාම හා මානව හුවමාරු වඩාත් වර්ධනය වෙමින් තිරසර,ඉහළ ගුණයෙන් යුත් නව සම්බන්ධීකරණ මාවතක් පොදුවේ ගොඩ නැගීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

කසකස්ථාන විදේශ අමාත්‍ය Murat Nurtleu මහතා එහිදී කියා සිටියේ චීනය සමග පවතින සබඳතා සිය රට ඉතා වැදගත් කොට සලකන බවයි. චීනයේ තායිවාන   ප්‍රදේශය හා ශින් චියං ඇතුළු කේන්ද්‍රීය කරුණුවලදී කසකස්ථානය චීනයට ස්ථිරව සහාය ලබා දෙයි. චීනය සමග විවිධ ක්ෂේත්‍රවලදී සහයෝගිතා පැවැත්වීමටත් කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී චීනය සමග එක්ව සමීප ව කටයුතු කිරීමටත් කසකස්ථානය අපේක්ෂා කරන බව Murat Nurtleu මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ උපාය මාර්ගික සංවාද යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බව එම සංවාදයේදී ඔවුහු ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම