චීන-යුරෝපා සංගම් ඉහළ පෙළේ මානව හා සංස්කෘතික සංවාද යාන්ත්‍රණයේ 6වැනි රැස්වීම පැවැත්වේ
2024-03-30 19:00:10
Share with:

චීන-යුරෝපා සංගම් ඉහළ පෙළේ මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ සංවාද යාන්ත්‍රණයේ 6වැනි රැස්වීම ඊයේ(29) බෙයිජිං නුවර දී පැවැත්වේ. චීන රාජ්‍ය මණ්ඩල  සාමාජිකා Shèn Yíqín මහත්මිය සහ යුරෝපා සංගමයේ නවෝත්පාදන, පර්යේෂණ, සංස්කෘතික, අධ්‍යාපන සහ යෞවනයන් පිළිබඳ කොමසාරිසවරිය ඊට එක් වූහ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය වසරේ යුරෝපා සංගම් නායකයින් හමුවී, චීන-යුරෝපා සංගම් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා උපාය මාර්ගික මග පෙන්වීමක් ලබා දී ඇති බව, Shèn Yíqín මහත්මිය එහිදී සඳහන් ක‍ළා ය. දෙපාර්ශ්වයේම නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කළ යුතු අතර, ඉහළ පෙළේ සංවාද යාන්ත්‍රණවල ප්‍රමුඛ භූමිකාවට පූර්ණ ක්‍රියාකාරිත්වය ලබා දිය යුතු ය. එමගින් චීන-යුරෝපා සංගම් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වර්ධනයට නව ගම්‍යතාවයක් සහ ජීව ශක්තියක් එන්නත් කරන බව, Shèn Yíqín මහත්මිය එහිදී කියා සිටියා ය.

යුරෝපය සහ චීනය අතර මානව සහ සංස්කෘතික හුවමාරුව සහයෝගීතාවයෙන් ලබාගත් ධනාත්මක ප්‍රතිඵල ගැන, එම යුරෝපා සංගමයේ කොමසාරිස්වරිය ඉතා ඉහළින් අගය කළාය. යුරෝපය සහ චීනය අතර අඛණ්ඩව නව ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා, මානව හා සංස්කෘතික හුවමාරුව, ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා, චීනය සමඟ කටයුතු කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ද ඇය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම