ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරි‍ය සිදු කළ ප්‍රකාශයක් ඇමරිකා අන්තර්ජාල පරිශීලකයන් ගේ උපහාසයට
2024-03-30 16:56:26
Share with:

මෑතකදී ඇමරිකා භාණ්ඩාගාර ලේකම් Janet Yellen පළ කළ ප්‍රකාශයක් ඇමරිකා අන්තර්ජාල පරිශීලකයන් ගේ උපහාසයට ලක්ව තිබේ.

පසුගියදා ඇමරිකාවේ ජෝර්ජියාවේ සුර්ය සෛල කම්හලක සංචාරය කරමින්,  Janet Yellen පැවසුවේ චීනයේ නව බලශක්ති කර්මාන්තයේ "අධි ධාරිතා" ගැටලුවක් ඇති බවය. එය ගෝලීය මිල සහ නිෂ්පාදන මාදිලිවලට විකෘති කිරීම් ඇති කරන අතර, එය ඇමරිකාවේ සමාගම්වල සහ කම්කරුවන්ගේ අවශ්‍යතාවලට හානි කර ඇති බව ද ඇය පැවසුවාය. ඊනියා සාධාරණ තරඟකාරී පරිසරයක් සඳහා ඇමරිකාව ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.

එම ප්‍රකාශය පළ වීමත් සමඟම, ඇමරිකානු අන්තර්ජාල පරිශීලකයන් මත පළ කර තිබේ. මීට පෙර චීනය හරිත බලශක්තියෙන් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කෙරුණද දැන් චීනය එම අංශයේ පමණට වඩා සක්‍රීය යැයි පැවසීම හාස්‍යයක් බව ඔවුහූ පෙන්වා දෙති. ඇමරිකාවට තරඟකාරී වාසියක් ඇති විට නිදහස් වෙළඳපොල ගැන කතා කරන අතර එසේ නොවන අවස්ථාවක ආරක්ෂණවාදය ඉස්මත කරන බවට ද එම පිරිස චෝදනා කර ඇත. ඇමරිකානු දේශපාලකයින්ගේ හරසුන් බව සහ අධිපතිවාදී තර්කනය ඉන් පිළිබිඹු වේ.

සත්‍යය නම් අසාධාරණ තරඟකාරිත්වය සහ වෙළඳපල මිල මැදිහත් වීම් සිදු කරනුයේ ඇමරිකාව විසිනි. ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනත ඊට මනා නිදසුනකි. ඉන් සාධාරණ තරඟකාරිත්වය හා ගෝලීය සැපයුම් දාමය කඩාකප්පල් කරන අතර, ලෝක වෙළඳ සංවිධානයේ නීති සහ වෙළඳපල ආර්ථික මූලධර්ම ද උල්ලංඝනය කරයි. එම පනත ඇමරිකාවේ මිත්‍ර රටවල් ඇතුළු බොහෝ රටවල විරෝධයට ලක්ව ඇත. කෙසේ වෙතත්,  ගෝලීය නව බලශක්ති වාහන කර්මාන්තයේ සාධාරණ තරඟකාරී පරිසරයක් හා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය පවත්වා ගැනීම සඳහා, මේ වන විට චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත නඩුවක් ගොනු කර ඇත.

වර්තමානයේ ගෝලීය නව බලශක්ති කර්මාන්තයට විශාල සංවර්ධන අවකාශයක් පවතී. චීනය සහ ඇමරිකාව වෙන් වෙන්ව අත්කර ගත් ජයග්‍රහණ එකිනෙකා අතර තර්ජනය ලෙසට නොසැලකිය යුතු අතර එය අවස්ථාවක් ලෙසට සැලකිය යුතු බවත්, ආර්ථික සහ වෙළඳපල නීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවත් ඇතැම් ඇමරිකානුවන් වටහා ගත යුතුය. එය ඇමරිකාවට සිය කර්මාන්ත ශක්තිමත් කිරීමට ගත හැකි නිවැරදිම මාර්ගය බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම