පොල් කිරි අපනයනයෙන් වාර්තාගත ආදායමක්
2024-03-30 15:14:57
Share with:

2024 වර්ෂයේ පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2971ක් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය. 

පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල්  මිලියන 2401ක ආදායමක් උපයා ඇත.අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 2373ක ඉහළ  ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබේ.පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාල ගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස හේතුවෙන් පොල් ඵලදාව ද ඉහළ ගිය බැවින් පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මාසිකව පොල් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම