අරාබි සාම සාධක හමුදාවක් පිහිටුවීමට ඊශ්‍රායලයෙන් උත්සාහයක්
2024-03-30 19:00:49
Share with:

ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම සඳහා ඊශ්‍රායලය ජාත්‍යන්තර සාම සාධක හමුදාවක් පිහිටුවීම ප්‍රවර්ධනය කරන බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවලට අනුව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මෑතකදී සිදු කළ වොෂින්ටන් සංචාරයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා‍ ගෙන ඇති අතර ඊශ්‍රායලයේ අදහසට ඇමරිකාවේද සහාය පළවී ඇත. සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය හැර එම හමුදාව වෙනත් අරාබි රටවල් තුනක හමුදා සමාජිකයන් ගෙන් සමන්විත වනු ඇති බව වාර්තා වෙයි.

අරාබි රටවල් එම සැලැස්මට දක්වන අදහස් තවමත් අපැහැදිලි බව ද වාර්තා වේ.  ගාසා තීරයේ පශ්චාත් යුධ කළමනාකරණයට අරාබි රටවල් සහභාගී වන්නේ “ද්වි-රාජ්‍ය විසඳුම” යන පදනම මත පමණක් යන මතයේ සිටීම ඊට බලපා ඇත . ‍

අදාළ වාර්තා සම්බන්ධයෙන් පලස්තීන පාර්ශ්වය මේ දක්වා ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම