ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කරයි
2024-03-30 15:04:37
Share with:

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා පවසයි.ජනාධිපතිවරණය මෙම වසර අවසානයේ ස්ථිර ලෙසම පැවැත්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇති බව පැවසූ සභාපතිවරයා වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය. 

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමටද කොමිසම කටයුතු කරමින් සිටී.

ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බවට ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම