බෝඅඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුව නිමා වේ
2024-03-29 20:21:37
Share with:

බෝඅඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුව නිමාවට පත්වෙයි. චීනයේ Hainan පළාතේ බෝඅඕ නගරයේ දී අද (29) එය සාර්ථකව  අවසන් විය. රටවල් හා ප්‍රදේශ 60 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 2000ක් පමණ එහිදී ආසියාවේ හා ගෝලීය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරමින් සහයෝගිතා හා සංවර්ධනයට අදාළ එකඟතා රැසකට පැමිණ තිබේ.

බෝඅඕ ආසියානු සංසදයේ මහලේකම් Li Baodong මහතා සමුළුව අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ “ ආසියාව හා ලෝකය: පොදු අභියෝග හා පොදු වගකීම් ” යන මෙවර තේමාව නියෝජිතයන්ගේ ඉහළ පිළිගැනීමට ලක් වූ බවයි. වත්මන් ලෝකයේ වැදගත් ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තර සහයෝගිතා වෙනුවෙන් බෝඅඕ ආසියානු සංසදය දරා ඇති ප්‍රයත්න එම තේමාවෙන් පිළිබිඹු වේ.

ප්‍රඥාව, වීරත්වය හා වෙනස්කම් ගරුකිරීම පිළිගනිමින් සහ ජගත් ප්‍රජාවගේ දේශපාලන කැමැත්ත හා ආර්ථික සහයෝගිතා මනා ලෙස සම්බන්ධ කරමින්, එක්සත් ව බාධා අභිභවා සමෘද්ධිමත් මෙන්ම තිරසර අනාගතයක් බිහි කළ යුතු බව එහිදී විවිධ පාර්ශ්ව අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම