සෙනෙගාල් හි නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-03-29 16:53:11
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සෙනෙගාල් ජනරජයේ ජනාධිපති ධුරයට තේරී පත් වූ Bassirou Diomaye Diakhar Faye මහතාට සුබ පැතුම් පිරිනමයි. අදාළ සුබ පැතුම් පණිවුඩය ඊ‍යේ (28) යොමුකරනු ලැබීය.

චීනය හා සෙනෙගාල් ජනරජය දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භයේ සිට දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ශක්තිමත් කරමින් සහ ඉහළ ප්‍රායෝගික ප්‍රතිඵල දිනා ගනිමින් ජාත්‍යන්තර කටයුතුවල දී මනා සහයෝගිතාවක් පවත්වන බව ෂී ජින් පිං මහතා එම පණිවු‍ඩයේ සඳහන් කළේය.

චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ සම සභාපති රටවල් වන චීනය හා සෙනෙගාල් ජනරජය එම සංසදයේ මෙවර වාර්ෂික සමුළුව ඒකාබද්ධව පවත්වනු ඇත. දෙරට සබඳතා වර්ධනය තමා ඉහළින් අගය කරන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී. Bassirou Diomaye Diakhar Faye මහතා සමග එක්ව දෙරට සබඳතා මෙන්ම චීන අප්‍රිකානු සබඳතාවන්හි වර්ධනය සහතික කරමින් ජනතාවට සුබසෙත සැලසීම තම අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම