චීනය ගාසා තීරයට පිරිනැමූ තවත් මානුෂීය ආධාර තොගයක් ඊජිප්තුවේ Said වරායට‍ ළඟා වෙයි
2024-03-29 09:44:43
Share with:

චීනය  ගාසා තීරයට සපයන නව ආධාර ඊජිප්තුවේ Said වරායට‍ ළඟා වී ඇති බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ටොන් 450 ක සහල් සහිත එම ආධාර චීනයේ ෂැංහයි නගරයේ සිට පිටත්ව පසුගිය 27 වැනිදා ඊජිප්තුවේ Said වරායට‍ ළඟා විය. ඊජිප්තු රතු චන්ද්‍රවංක සමාජය හරහා එම ආධාර පලස්තීනයට යැවීමට නියමිතය.

චීනය පිරිනමන තවත් තිරිඟු පිටි ටොන් 450 ක් එළඹෙන අප්‍රේල් මැද Said වරායට‍ ළඟා වනු ඇති බව ද ප්‍රකාශ කෙරිණ.

චීන රජය මීට පෙර ලබාදුන් සියළු හදිසි මානුෂීය ආධාර මේවන විට ගාසා තීරයට යවා ඇති බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම