චීන සමාගම්වලට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය කියයි
2024-03-29 17:18:37
Share with:

චීනයේ චිප් අපනයනයට සම්බාධක පැණවීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට ප්‍රතිචාර දක්වයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා කියාසිටියේ, ඇමරිකානු පාර්ශ්වය තම වරද වහාම නිවැරදි කළ යුතු බවයි.

චීනයේ සංවර්ධනය මැඩපැවැත්වීම සඳහා ඇමරිකාව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ විවිධ චීන සමාගම්වලට දැඩි අවහිරතා සහ සීමා පනවමින් සිටී. චීන ව්‍යවසායන් සතු නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මින් බරපතල ලෙස හානි සිදුවන අතර, වෙළෙඳපොළ ආර්ථික මූලධර්ම හා ජාත්‍යන්තර වෙළඳ නීති ද එයින් දැඩි ලෙස උල්ලංඝනය වේ. ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ස්ථායීතාවට ද එය බරපතල ලෙස හානි කරයි. චීනය මීට එරෙහිව දැඩි විරෝධය පළ කරන බව Lin Jian මහතා කියාසිටියේය.

ඇමරිකානු පාර්ශ්වය මේ වරද වහා නිවැරදි කරන ලෙසත්, චීන සමාගම්වලට නීතිවිරෝධී අයුරින් ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම හා වෙනත් රටක නෛතික කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. පවතින තත්ත්වය කෙරෙහි අඛණ්ඩ අවධානය යොමුකරන චීනය තම ව්‍යවසායන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම