ඉකුත් මාස දෙකේ මෙරට අපනයන ආදායම රුපියල් මිලියන 980 ඉක්මවයි
2024-03-29 17:24:04
Share with:

ඉකුත් මාස දෙකේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7 ක අපනයන ආදායමක් ලබා ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. රට මේ වන විට නිවැරදි ආර්ථික මගක ගමන් ගන්නා බව ඉන් තහවුරු කෙරෙන බව ද හෙතෙම පෙන්වාදෙයි.

 රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් මේ වන විට අප රට සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් ලක්ෂ 05 ක් පමණ දිවයිනට පැමිණ තිබේ. එසේම, රටේ සිටින ව්‍යවසායකයන් පිරිස 2.5% සිට 3% ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකි වූ බව ද ඔහු කියාසිටී. ඒ ඇතුළු අංශ ගණනාවකින් ලද ප්‍රගතිය රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම