විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට පියවර
2024-03-29 15:43:53
Share with:

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවට නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද හෙතෙම කියාසිටියේය.

දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙන වකවානුවේ දී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වූ බව ද  අමාත්‍යවරයා පැවසීය.

කෘෂි නිපැයුම් වෙළඳපොළට පැමිණෙන කාලය නිශ්චිතව හදුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුණු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බව ද ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම