බෝඅඕ ආසියා සංසදය ගෝලීය තත්ත්වය ආසියානු දෘෂ්ටිකෝණයකින් විමසා බලන වේදිකාවක්
2024-03-29 10:26:19
Share with:

බෝඅඕ ආසියා සංසදය ගෝලීය වශයෙන් ඉතා වැදගත්කමකින් යුත් ආර්ථික සමුළුවකි‍. එය ආරම්භ වීමට පෙර එවැනි සංසද පැවතුනේ යුරෝපා කලාපයේ පමණි. එහිදී අවධානය යොමු කළේ යුරෝපා සහ ඇමරිකානු කලාපයේ ප්‍රශ්න පිළිබඳව ය. එමෙන්ම එවැනි සමුළු තුළ දී ගෝලීය තත්ත්වය දෙස අවධානය යොමු කළේ යුරෝපා සහ ඇමරිකානු දෘෂ්ටිකෝණයකිනි. නමුත් බෝඅඕ ආසියා සංසදය ඇරඹීමත් සමග ආසියා කලාපයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය දෙස ආසියානු දෘෂ්ටිකෝණයකින් අවධානය යොමු කිරීමේ අවස්ථාව ලැබී ඇති බව චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

බොහෝ විචාරකයින්ගේ මතයට අනුව මෙය ආසියාවේ ශතවර්ෂයයි. එහෙයින් බෝඅඕ සංසදයට මෙම කලාපය ඉලක්ක කර කාලීන වශයෙන් වඩා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට විශේෂ අවස්ථාවක් උදා වී ඇත. වර්තමානයේ ලොව දෙවන බලවත් ආර්ථිකය ලෙස චීනය ආර්ථික වශයෙන් ඉහළ සංවර්ධනයක් සාක්ෂාත් කර ඇති අතර නුදුරේදීම ලොව පළමු ආර්ථිකය වනු ඇති බව ද හෙතෙම සඳහන් කරයි. ඒ සමගම ආසියාවේ අනෙකුත් රටවල් ද වේගවත් සංවර්ධනයක මේ වනවිට නියැළී සි‍ටී. එහෙයින් සාපේක්ෂව පෙරට වඩා ගෝලීය ප්‍රශ්නවලදී සක්‍රීය මැදිහත්වීමක් සිදු කිරීමට ආසියා කලාපයේ රටවලට හැකියාව පවතී. ඒ වෙනුවෙන් චීනය සිය දායකත්වය මේ වනවිටත් ලබා දී ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සහ “ශැංහයි සහයෝගීතා සංවිධානය” එහි සුවිශේෂ අවස්ථාවන් බව හෙතෙම පවසයි.

එමෙන්ම චීනයේ මෙවර වාර්ෂික ජාතික සැසිවාරයේ රාජ්‍ය කාර්ය වාර්තාවෙන් පෙන්නුම් කළ චීනයේ ඉදිරි ඉලක්ක ද අසල්වැසි රටවලට මෙන්ම ලෝකයට ද ඉතා වැදගත් වේ. ඒ ඔස්සේ චීනය ලබා ගන්නා ආර්ථික දියුණුව හුදෙක් සියලු රටවල සංවර්ධනය උදෙසා සාධනීය බලපෑමක්  සිදු කරනු ඇති බව ද ඔහු කියාසිටී. එහෙයින් චීනය සමග ලෝකයේ රටවල් සහයෝගී වෙළඳ ප්‍රවේශයක් ඇරඹීම වඩාත් ඵලදායී බව ආචාර්ය පාලිත කොහොන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම