මහජන මතයෙන් අසත්‍යයක් වූ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරියගේ චෝදනාව
2024-03-29 11:18:20
Share with:

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet Yellen පසුගිය 27වැනිදා ජෝර්ජියාවේ නොර්ක්‍රොස් හි පිහිටි ප්‍රකාශ වෝල්ටීයතා කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දී, ඇය චීනයේ නව බලශක්ති කර්මාන්තයට “අධික ධාරිතාවක්” යැයි චෝදනා කළාය. නමුත් අනපේක්ෂිත ලෙස එම ප්‍රකාශය මහජනතාවගේ දැඩි අවධානයට යොමු විය. අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරියගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නෙටිසන්වරු හෙවත් අන්තරජාල ක්‍රියාකාරීහු සිය විරෝධය පළ කළහ.

“චීනය ඉතා උසස් ලෙස හරිත බලශක්ති තාක්‍ෂණයන් දියුණු කර ඇති බවට පැමිණිලි කිරීම, බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු පුහුණුවක් නොලබමින් තවත් බර ඉසිලීමේ ක්‍රීඩකයෙකුට වැඩි බරක් එසවිය හැකි බවට චෝදනා කිරීමක් වැනි ය.”  යනුවෙන් Yahoo පුවත් වෙබ් අඩවියේ අදාළ වාර්තාවක් පිළිබඳ අදහස් දැක්වීමක දී අන්තරජාල මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් සඳහන් කර ඇත.

එවැනි තවත් නෙටිසන්වරයෙක් සිය අදහස ඉදිරිපත් කර තිබුණේ මෙලෙස ය. “මීට පෙර පැවසුවේ චීනයේ හරිත බලශක්ති ධාරිතාවය ප්‍රමාණවත් නොවන බවයි, දැන් එම ධාරිතාව ඕනෑවට වඩා ඇති බවට හදිසියේම චෝදනා කරයි. ඇමරිකාවට නිහඬව කළ යුතු දේ කළ නොහැක්කේ ඇයි?”

එමෙන්ම සමහර නෙටිසන්වරුන් පෙන්වා දුන්නේ ඇමරිකාවට දෙබිඩි පිළිවෙතක් ඇති බවයි. “ඇමරිකාවට තරඟකාරී වාසියක් ඇති විට, නිදහස් වෙළඳපොළ සංවර්ධනය කිරීම ගැන කතා කරයි. එසේ නොවන විට, ආරක්ෂණවාදයේ නිරත වෙයි. මෙය ඇමරිකාවට අනන්‍ය වූ රීතිය”වන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම