ළමා හිංසන මැඩලීම කෙරෙහි ජනපතිගේ අවධානය
2024-03-29 17:25:34
Share with:

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එංගලන්තයේ Internet Watch Foundation ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබේ. 

ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට ද රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ළමා ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම