චීන ජනපති ආර්යාව හා ජර්මනියේ බර්ග් සරඹ ශාලාවේ චීන භාෂා ගායක කණ්ඩායමේ සිසුන් හා ගුරුවරුන් අතර සුහද හමුවක්
2024-03-29 09:52:09
Share with:

චීන ජනපති ආර්යා Peng Liyuan මහත්මිය ජර්මනියේ බර්ග් සරඹ ශාලාවේ චීන භාෂා ගායක කණ්ඩායමේ  සිසුන් හා ගුරුවරුන් හමු වේ.

එම හමුව ඊයේ(28) පස්වරුවේ බෙයිජිං නාගරික 35වන මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විණ. සංචාරයක් සඳහා එම ගායක කණ්ඩායමේ සිසුන් හා ගුරුවරුන් චීනයට පැමිණ ඇත.

ඔවුන් යළි චීනයේ සංචාරය කිරීම සාදරයෙන් පිළිගන්නා බව Peng Liyuan මහත්මිය එම හමුවේදී පැවසුවාය.

සෑම දෙනාගේම ඒකාබද්ධ උත්සාහයෙන්, ගායක කණ්ඩායම චීනය සහ ජර්මනිය අතර සංස්කෘතික හුවමාරු සඳහා පාලමක් ගොඩනගා ඇති අතර චීන-ජර්මන් මිතුදමේ කැපී පෙනෙන සංකේතයක් බවට පත්ව ඇති බව Peng Liyuan මහත්මිය සඳහන් කළාය.

ගායක කණ්ඩායමේ සිසුන්ගේ නියෝජිතයින් තම අධ්‍යයන හා අත්දැකීම් මෙන්ම චීනය කෙරෙහි ඇති ආදරය චීන භාෂාවෙන් Peng Liyuan මහත්මිය වෙත එහිදී විස්තර කිරීමද විශේෂත්වයකි. චීන භාෂාව හොඳින් ඉගෙන ගැනීමට අඛණ්ඩව වෙහෙස මහන්සියෙන් කටයුතු කරන බව ඔවුහූ ප්‍රකාශ කළහ.

එම චීන භාෂා ගායක කණ්ඩායම ලාභ නොලබන මහජන සුභසාධන සංවිධානයක් වන අතර එය ජර්මානු යෞවනයන් සඳහා "ගායනයෙන් චීන භාෂා ඉගෙන ගැනීම" ක්‍රියාකාරකම් සිදු කරයි. චීනය සහ ජර්මනිය අතර රාජ්‍ය නොවන හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, භාෂා හා සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට එම කණ්ඩායම කැපවී සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම