කොරොනා වෛරසය පිළිබඳ ගෝලීය ජාලයේ දත්ත භාවිතය ඇරඹේ
2024-03-29 15:30:06
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොරොනා වෛරසය පිළිබඳ අධීක්ෂණය කරන ගෝලීය ජාලයේ දත්ත භාවිතය අරඹයි. එම සංවිධානය පසුගිය 27 වැනි දා මේ බව නිවේදනය කළේය.

මේ අනුව, ලොව පුරා වෘත්තීමය දැනුම් හා ශක්‍යතා සම්බන්ධීකරණය සහ ප්‍රවර්ධනය තහවුරු කිරීම සඳහා CoViNet නමැති කොරොනා වෛරස තොරතුරු ජාලය භාවිත කෙරේ. නව කොරොනා වෛරසය, මැද පෙරදිග කොරෙනා වෛරසය හා යළි මතුවිය හැකි කොරොනා වෛරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ, අධීක්ෂණ හා ඇගයීම් කටයුතු සිදුකිරීම එමගින් අපේක්ෂිත ය.

CoViNet යනු මිනිසා, සතුන් හා පරිසරයට අදාළ කොරොනා වෛරස ප්‍රභේද පිළිබඳ පර්යේෂණයන් හි නිරත ප්‍රධාන රටවල් 21 ක පිහිටි රසායනාගාර 36 කින් සැදුම්ලත් ජාලයකි. එහි නියෝජිතයෝ පසුගිය 26, 27 දෙදින ජිනීවා නුවරට රැස් ව මෙම වසරට හා ලබන වසරට අදාළ සැලසුම් සකස් කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම