චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වේ
2024-03-29 20:06:51
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය "20 වැනි මධ්‍යම කාරක සභාවේ 2 වැනි වටයේ විනය පරීක්ෂණ පිළිබඳ සවිස්තර වාර්තාව" සමාලෝචනය කිරීමට අද(29) රැස්වීමක් පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.

ෂී ජින්පිං මහතා ප්‍රමුඛ  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විනය පරීක්ෂණ කටයුතුවලට විශාල වැදගත්කමක් ලබා දෙන බව, මෙම රැස්වීමේ දී සඳහන් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ සිට, මධ්‍යගතව කළමනාකරණය කරන ලද ව්‍යවසායන් පිළිබඳ පූර්ණ ආවරණ සම්පූර්ණ කිරීම සඳහා, මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ වට දෙකක් ක්‍රියාවට නංවා ඇත.

රජය සතු ව්‍යවසායයන් චීන ලක්ෂණ සහිත සමාජවාදය සඳහා වන වැදගත් දේශපාලන පදනමකි. විනය පරීක්ෂණ ප්‍රතිඵල පුළුල් ලෙස භාවිත කරමින්,  අනාවරණය වී ඇති ගැටලු මනාව පර්යේෂණ කර විසඳිය යුතු ය. එසේම සමස්ත පද්ධතිය සහ යාන්ත්‍රණය තවදුරටත් වැඩිදියුණු කරන අතර, ලක්ෂණ සහ මූල හේතු යන දෙකටම නිසි අවධානය යොමු කළ යුතු බව ද, මෙම රැස්වීමේ දී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම