චින- ඇමරිකා සබඳතා විවරණය කරන ඇමරිකානු ව්‍යාපාරික හා විද්වත් ප්‍රජාව
2024-03-28 21:11:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, පසුගිය දා බෙයිජිං අගනුවරදී  ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් නියෝජනය කරන පිරිසක් හමු විය. එම හමුව ලෝක අවධානයට ලක්ව ඇත. පසුගිය නොවැම්බර් මාසයේ චීන-ඇමරිකා ජනාධිපතිවරුන් San Francisco හි හමුවීමෙන් පසු චීන ජනාධිපතිවරයා ඇමරිකානු ප්‍රජාව මුහුණට මුහුණ හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වීම ඊට හේතුවයි.

ඇමරිකා Harvard විශ්වවිද්‍යාලයේ Kennedy රජයේ ආයතන ප්‍රධානී  Graham Allison මහතා එම හමුවට එක්වූ අයෙකි. ඔහු වඩාත් ප්‍රකට විද්වතෙකු බවට පත්ව සිටින්නේ “Thucydides Trap”යන සංකල්පය ඉදිරිපත් කළ බැවිනි. පුරාණ ග්‍රීක ඉතිහාසඥ Thucydides ගේ “Peloponnesian යුද්ධ ඉතිහාසය” නම් ග්‍රන්ථය උපුටා දක්වමින් , 2012 වසරේ Graham Allison මහතා පෙන්වා දුන්නේ නැගී එන බලවතුන් සහ බලවතුන් අතර උග්‍ර ගැටුමක් හෝ යුද්ධයක් ඇති වීමේ හැකියාව පවතින බවයි. මෑත වසරවල ඇමරිකාව චීනය සිය ප්‍රධානම ප්‍රතිවාදියා වශයෙන් සැලකීමත් සමග, දේශපාලන විශ්ලේෂකයන් “Thucydides Trap”යන සංකල්පය බහුල වශයෙන් භාවිත කරමින් චීන-ඇමරිකා සබඳතා ‍පිළිබඳ අදහස් දක්වා ඇත.

එහෙත් මෙවර චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී එම ඇමරිකා නියෝජිතයන් කියා සිටියේ දෙරට සබඳතාවන් හි දී“Thucydides Trap”වැනි තත්ත්වයක් ඇති කර ගතයුතු නැති බවයි. එනම් කිසිවෙකුත් තව අයෙකුගේ දුර්වලකම බවට පත් විය යුතු නොවේ. මේ හමුවට එක් වූ පිරිසෙන් බහුතරය චීන-ඇමරිකා වෙළඳ සහයෝගිතාවට දායක වී එයින් යහපත අත්විඳි අය වෙති. චීනයේ මෙන් ම ඇමරිකාවේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථා රැගෙන එන බව අතිශය නිවැරදි කරුණු හා සංඛ්‍යා ලේඛන මගින් සනාථ වී තිබේ. එසේම, දෙරට අතර වෙළඳ සම්බන්ධතා ආරම්භයේ සිට මේ දක්වා 200 ගුණයකින් වර්ධනය වී ඇත. එමගින් චීන ආර්ථිකයට ජවයක් එක් වූ අතර, ඇමරිකාව තුළ ද රැකියා අවස්ථා මිලියන 2.6 ක් පමණ නිර්මාණය වී තිබේ.

Thucydides Trap”චීනය හා ඇමරිකාව අතර විය යුතු නැතැයි “Thucydides Trap”සංකල්පයෙහි සඳහන් ආකාරයට චීනය හා ඇමරිකාව එකිනෙකාගේ දුර්වල ස්ථානය බවට පත්විය යුතු නැත යන්න ඇමරිකානු ව්‍යාපාරික හා විද්වත් ප්‍රජාවන්ගේ පොදු පිළිගැනීමක් බවට පත් ව ඇත. එය කවර දිනෙක හෝ ඇමරිකානු දේශපාලනඥයන්ගේ පිළිගැනීම බවට ද පත්වනු දැකීම, යහපත් චීන-ඇමරිකා සම්බන්ධතා අගයන්නන්ගේ පැතුම යි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම