එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකී
2024-03-28 10:06:36
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සභාපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකී. 

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් එම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ටත් චීන රජය හා පාකිස්ථාන රජයටත් සිය සංවේගය හා ශෝකය පළ කරන බව ඊයේ (27) නිකුත් වූ එම නිවේදනයේ සඳහන් වේ. එම ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන්, සංවිධායකයින් හා මුදල් යෙදවූ පාර්ශ්වයන් නීතිය හමුවට පැමිණවීමට ක්‍රියා කළ යුතු බව එහිදී අවධාරණය කෙරිණ. එමෙන්ම ජාත්‍යන්තර නීතියේ නියමිත වගකීම් හා ආරක්ෂක මණ්ඩලයේ තීරණවලට අනුව, චීනය හා පාකිස්ථානය සමග එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට සක්‍රීය සහයෝගයක් ලබා දෙන ලෙස ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සියලු රටවලින් ඉල්ලීමක් කර ඇත. 

මේ අතර පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා ඊයේ(27) ඉස්ලාමාබාද් නුවර පිහිටි එරට චීන තානාපති කාර්යාලයට පැමිණ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය චීන ජාතිකයන් වෙනුවෙන් සිය ශෝකය පළ කළේය. දැඩි පියවර අනුගමනය කරමින් ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම අත්නොහරින පාකිස්ථානය දෙරට අතර මිත්‍රත්වය විනාශ වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම