බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වේ
2024-03-28 10:33:09
Share with:

බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද(28) උදෑසන 10ට ආරම්භ විය.

එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ උප සාකච්ඡාවේදී, චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව, චීන මාදිලියේ නවීකරණය ඉටු කිරීම පිළිබඳව දෙස් විදෙස් නියෝජිතයෝ සාකච්ඡා පවත්වති. ඊට සමගාමීව ‘ගෝලීය ආරක්ෂක මුලපිරුම--ආරක්ෂක ගැටුම්වලට විසඳුම් දෙමින් ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම’මැයෙන් පැවැත්වෙන උප සාකච්ඡාවට, චීන විදේශ අමාත්‍යංශයේ හා හදිසි තත්ත්වයන් කළමනාකරණ අමාත්‍යංශයේ ප්‍රධානීන් ද එක් වනු ඇත. ඔවුහු සාකච්ඡාවට එක්වන විදේශීය අමුත්තන් සමග ගෝලීය ආරක්ෂක මුලපිරුම විවිධ රටවල හා ජගත් සංවිධානවල ආරක්ෂක සංකල්ප සමග සම්බන්ධීකරණය කිරීම පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනු ඇත.

ඊට අමතරව අද “චීන ඔස්ට්‍රේලියා ව්‍යවසායකයින්ගේ සංවාදය”, “චීන යුරෝපා ව්‍යවසායකයින්ගේ සංවාදය”, එක් තීරයක් එක් මාවතක් --හරිත ආයෝජනය පිළිබඳ වටමේස සාකච්ඡාව යනාදී ක්‍රියාකාරකම් පැවැත්වීමට ද නියමිතය.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම