දකුණු ටිබෙටයේ නැඟෙනහිර කොටසේ ඓතිහාසික හිමිකරු තම රට බව චීනය කියයි
2024-03-28 19:47:00
Share with:

චීන-ඉන්දියානු භෞමික ආරවුල් පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි. චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ මෙන්ම අමාත්‍යාංශ ප්‍රකාශක කර්නල් Wu Qian මහතා අද (28) ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළකළේය.

ඊනියා "අරුණාචල් ප්‍රදේශ්" තම රටින් වෙන් කළ නොහැකි කොටසක් බවට ඉන්දියාව කළ ප්‍රකාශයක් පසුගිය දා මාධ්‍යයන් හි පළවිය. එසේම, දකුණු ටිබෙටයේ නැඟෙනහිර කොටස අනිවාර්යයෙන්ම තමන් සතු භූමියක් වන බවට චීනය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව ද ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ. ඇමරිකාව ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, "අරුණාචල් ප්‍රදේශ්" යනු ඉන්දියාවේ කොටසක් බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කර්නල් Wu Qian මහතා පෙන්වා දුන්නේ, අතීතයේ සිට ම දකුණු ටිබෙටයේ නැඟෙනහිර කොටස අනිවාර්යයෙන්ම චීනය සතුව පැවති බවට වන සත්‍යය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. ඊනියා "අරුණාචල් ප්‍රදේශ්" යනු කවර පදනමකින් යුතු අදහසක් දැයි ඔහු එහිදී විමසීය.

අනෙකුත් රටවල් සමඟ ආරවුල් අවුස්සමින් තම ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉටුකර ගැනීම සම්බන්ධයෙන්, ඇමරිකාවට ඇත්තේ ඉතා කුප්‍රකට ඉතිහාසයකි. ජාත්‍යන්තර ප්‍රජාව මෙය ඉතා පැහැදිලිව වටහා ගනු ඇත. චීනය සහ ඉන්දියාව අතර දේශසීමා සම්බන්ධ යාන්ත්‍රණ සහ සන්නිවේදන මාර්ග ඇති බවත්, දේශසීමා ගැටළු සංවාද හා සාකච්ඡා මගින් නිසි ලෙස විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකියාව සහ කැමැත්ත ඇති බවත්, කර්නල් Wu Qian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම