බැංකු පොලී අඩු කිරීමේ වාසිය කඩිනමින් පාරිභෝගිකයාට
2024-03-28 15:58:17
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පොලී අනුපාතය පහත හෙළීම‍ට කටයුතු කළ හෙයින් වාණිජ බැංකු ද තමන්ට හැකි පළමු අවස්ථාවේදීම බැංකු පොලී අනුපාතය පහත හෙළා එහි වාසිය පාරිභෝගිකයින්ට සලසා දිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පෙර පැවති ආර්ථික අර්බුදයත් සමග ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබියදී එය පාලනය කිරීමට බැංකු පොලී අනුපාතිකය විශාල ලෙස ඉහළ දැමීමට සිදු වූ බව ද ඇමැතිවරයා පැහැදිලි කළේය.

මෙවර ණය පොලී අනුපාතිකය පහත හෙළීම මගින් නැවත වරක්, වැඩි වැඩියෙන් ආයෝජකයින්ට, ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාගෙන නව ආයෝජන වෙත යොමුවීමට අවස්ථාව උදා වනු ඇත. එය රටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බව ද අමාත්‍යවරයා කියාසිටී.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම