චීනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙපළක් ජනරාල් නිලයට
2024-03-28 19:40:13
Share with:

චීන මධ්‍යම හමුදා කොමිසම, හමුදා නිලධාරීන් ජනරාල් නිලයට උසස් කිරීමේ උත්සවය පවත්වයි. එය අද (28) “බා යි”ගොඩනැගිල්ලේ දී  චීන ජනාධිපති, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙවර ජනරාල් නිලයට උසස් කෙරුණු නිලධාරීන් වන්නේ චීන මධ්‍යම හමුදා කොමිසමේ ‍දේශපාලන හා නීති කටයුතු කමිටුවේ ලේකම් වං රෙන් හුවා මහතා සහ චීන ජාතිකාරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ශියාඕ ටියෙන් ලියාං මහතා ය.  එම නිලධාරීන් දෙදෙනා වෙත උසස්වීම් ලිපි පිරිනැමූ ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් පළ කළේ ය. චීන මධ්‍යම හමුදා කොමිසමේ සාමාජිකයෝ සහ එම කොමිසමට අනුබද්ධ ආයතනවල ප්‍රධානීහු එම අවස්ථාවට එක් වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම