කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තත්ත්වය උත්සන්න වීම පාලනය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-03-28 11:04:35
Share with:

නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තත්ත්වය සමනය කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ඊයේ(27) කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිළිබඳ සමාලෝචනයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෑත කාලීන ප්‍රචණ්ඩ ගැටුම් උත්සන්න වීම කනස්සල්ලට කරුණකි. " මාර්තු 23 ව්‍යාපාරය " සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සටන් විරාමය කඩිනමින් ක්‍රියාත්මක කරමින් අත්පත් කර ගත් ප්‍රදේශවලින් ඉවත් විය යුතු යැයි ඔහු අවධාරණය කළේය. සංයමයෙන් කටයුතු කරමින් සංවාද මගින් මතභේද විසඳා ගන්නා ලෙසත්, තත්ත්වය සමනය කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

එරට ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මඟහැරවීමට ප්‍රමාණවත් මානුෂීය ආධාර ලබා දෙන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ද Dai Bing මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම