පිලිපීනය දකුණු චීන මුහුදේ ප්‍රශ්නය උත්සන්න කිරීමට උත්සාහ කරන්නේ ඇයි?
2024-03-28 09:58:47
Share with:

මේ වසරේ මාර්තු මාසයේ සිට පිලිපීනය චීනයේ Ren’ai ගල්පර‍ය ආශ්‍රිත මුහුදු කලාපයේ සිය ප්‍රකෝපකාරී හැසිරීම් තීව්‍ර කර ඇත. මාර්තු මාසයේ 5වැනිදා, පිලිපීන සැපයුම් නෞකා දෙකක් සහ වෙරළාරක්ෂක නෞකා දෙකක් Ren’ai ගල්පර‍ය ආශ්‍රිත මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස රඳවා ඇති යුද නෞකාවට ඉදිකිරීම් ද්‍රව්‍ය සහ විවිධ සැපයුම් ලබා දී තිබේ. දින දහඅටකට පසු, නැවත වරක් සිය පොරොන්දුව කඩ කළ පිලිපීනය  සිය සැපයුම් නෞකාවක් සහ වෙරළාරක්ෂක නෞකා දෙකකින් චීනයේ Ren’ai ගල්පර‍ය ආශ්‍රිත මුහුදු කලාපයට නීති විරෝධී ලෙස ප්‍රවේශ විය. මේ පිටුපස සැඟව ඇති උපක්‍රම තුනක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

පළමුව, පිලිපීනය යම් සිද්ධියක් නිර්මාණය කර “තමන්ගේ දුක පෙන්වීමේ” රංගනය හරහා චීනයේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට මඩගසමින් දකුණු චීන මුහුද පිළිබඳ සිය නීති විරෝධී ඉල්ලීම සඳහා ජගත් අනුබලය ලබා ගැනීමට උත්සාහ කර ඇත. දෙවනුව, පිලිපීනය දකුණු චීන මුහුදේ ප්‍රශ්නය උණුසුම් කිරීමෙන් අදාළ ගැටළුවට මැදිහත් වීම සඳහා  ඇමරිකාවට නිදහස ලබා දීමට උත්සාහ දරයි. මීට අමතරව, ඇමරිකාව, ජපානය සහ පිලිපීනය අප්‍රේල් මාසයේ වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිත නායක සමුළුවේදී දකුණු චීන මුහුදු ප්‍රශ්නයට වැඩි අවධානයක් ලබා දීමට අවශ්‍ය පසුබිම සකසමින් වැඩි ‘කරුණු’ හා ‘හේතු’ නිර්මාණය කිරීමට පිලිපීනයට අවශ්‍යව ඇත.

ඇමරිකාවේ පෙළඹවීම් යටතේ, පිලිපීනය දකුණු චීන මුහුදු කලාපයේ අඛණ්ඩව ගැටුම් ඇති කරමින් එහි සාමය සහ ස්ථාවරත්වය විනාශ කිරීමට කටයුතු කර ඇත. කලාපීය යහපැවැත්ම වෙනුවෙන් එරට ලබා දෙන දායකත්වය සහ වටිනාකම මෙය ද?

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම