චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා ‍බෝආඕ ආසියා සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි
2024-03-28 11:31:36
Share with:

චීනය නව ගුණාත්මක ඵලදායිතාව පුළුල් කිරීමෙහි එල්බ සිටිමින් විද්‍යාත්මක හා තාක්ෂණ නව නිපැයුම් හරහා කර්මාන්ත නව්‍යකරණය ප්‍රවර්ධනය කරනු ඇති බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති චාඕ ලජි මහතා  පවසයි. 

අද ( 28) චීනයේ හයිනාන් පළාතේ පැවති වසර 2024 ‍බෝආඕ ආසියා සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයේ දී හෙතෙම මේ බව සඳහන් ක‍ළේය. විද්‍යා හා තාක්ෂණ නව නිපැයුම් අංශයේ සෙසු රටවල් සමග සහයෝගතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම කීය. නව ගුණාත්මක ඵලදායිතාව උත්තේජනය කිරීම, නව ආර්ථික වර්ධන කේන්ද්‍රයන් ගොඩ නැංවීම,ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන මුලපිරුම ඒකාබද්ධව ගොඩනැංවීම මෙන්ම කෘත්‍රිම බුද්ධි අංශයේ හිතකර, සුරක්ෂිත සහ විධිමත් සංවර්ධනයක් වෙනුවෙන් සෙසු රටවල් සමග ක්‍රියා කිරීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. 

චීනය හරිත හා අවකාබන් සංවර්ධනය තුළින් දැවැන්ත ආර්ථික වර්ධනයක් නිර්මාණය කරනු ඇති අතර ඉන් වාර්ෂිකව ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4ක ආයෝජන හා පරිභෝජන වෙළඳ පොලක් බිහිවනු ඇත. දැනට ලෝකයේ භාවිත කෙරෙන සූර්ය විදුලිබල ශක්තියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් චීනයේ ජනනය වන අතර නව බලශක්ති වාහන අතරින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් චීනයේ භාවිත කෙරේ.ගෝලීව නව වනාන්තරකරණයෙන් හතරෙන් එකක් පමණ චීනයේ සිදුවන බවද චාඕ ලජි මහතා පැවසීය.

ආසියානු රටවල් එක්සත්ව සිටිමින් ඒකපාර්ශ්වාදයට හා අන්තාගමී මමත්වයට විරුද්ධ විය යුතු අතර කලාපීය සහ ලෝක භූගෝලීය ගැටුම්වල සංග්‍රාම භූමියක් බවට පත්වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු යැයිද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම