සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සැලසුම්
2024-03-28 16:00:13
Share with:

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස එම දරුවන්ට උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ප්‍රතිඵල නිකුත් වීමට ගතවන මාස 04ක පමණ කාලයේදී දරුවන් වෙනත් දේ සඳහා යොමු වන බවත් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමග දරුවා අඛණ්ඩව අධ්‍යාපන ක්‍රියාවලිය තුළ රැඳී සිටින බවත් අමාත්‍යවරයා කියාසිටියේය.

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ යුතුව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් අදියරෙන් අදියර සිදු කරමින් සිටින බවත් අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම