චීන ජනපති නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා හමු වේ
2024-03-27 16:38:01
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutte මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර දී අද (27) පැවැත්විණ.

මෑත වසර කිහිපය තුළ චීන-නෙදර්ලන්ත සබඳතාව යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. නෙදර්ලන්තය සමග විවෘත මෙන්ම ප්‍රායෝගික, පූර්ණ සහයෝගිතා හවුල්කාරී සබඳතාව වර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවයි. කෘෂිකර්මාන්ත, වාරිමාර්ග හා බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් අධ්‍යාපන, සංස්කෘතික හා හුවමාරු ද ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය. උසස් මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව පුළුල් කරන චීනය විවිධ පාර්ශ්ව සමග සංවර්ධන ප්‍රතිලාභ බෙදා ගනී.  චීනය හා යුරෝපය අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම උදෙසා නෙදර්ලන්තය සක්‍රිය ලෙස දායක වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

නෙදර්ලන්ත-චීන සහයෝගිතාවන්ට දැවැන්ත විභවයක් හා සුබවාදී අනාගතයක් හිමි බවත්, චීනය සමග පවතින මිත්‍රශීලි සබඳතාව ඉහළින් අගය කරන බවත් නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutte මහතා එහිදී කියාසිටියේය. චීනය සමග සබඳතා පුළුල් කරමින්, G20 සමුළුව ඇතුළු බහුපාර්ශ්වික සමුළුවල සහ ජාත්‍යන්තර අවධානයට ලක් වන ගැටළුවල දී සංවාද හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට නෙදර්ලන්තය සූදානමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම