චීනය Yunhai-3 02 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කරයි
2024-03-27 10:31:32
Share with:

චීනයේ Yunhai-3 02 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ.

අද(27) පෙරවරු 6:51 ට, ටයියුවාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ දී Long March-6 රොකට්ටුවෙන් නවීකරණය කරන ලද ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් Yunhai-3 02 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත ‍කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී ඇති අතර ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ.

Yunhai-3 02 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් වායුගෝලීය, සමුද්‍රීය හා අභ්‍යවකාශ පරිසර සමීක්ෂණ, ආපදා වැළැක්වීම හා අවම කිරීම සහ විද්‍යාත්මක අත්හදා බැලීම් යනාදී කාර්යයන් සිදු කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.

මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 514 වන ගුවන් ගමන යි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම