චීන ජනපති ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් හමුවෙයි
2024-03-27 14:32:39
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් නියෝජනය කරන පිරිසක් හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී අද (27) පෙරවරුවේ පැවැත්විණ.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන-ඇමරිකා සබඳතා ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවලින් එකක් වන බවයි. චීන-ඇමරිකා සබඳතාවන් හි ඉතිහාසය යනු දෙරට ජනතාවගේ මිත්‍රශීලී හුවමාරු පිළිබඳ ඉතිහාසයකි. එසේම, එම අතීත කතාව ජනතාව විසින් ලියනු ලැබ ඇති අතර, අනාගතය නිර්මාණය කළ යුත්තේ ද ජනතාව විසිනි.

මෑත වසරවල චීන-ඇමරිකා සබඳතා බොහෝ පසුබෑම්වලට ලක් වූ බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙරට අතර සබඳතා පිළිබඳ අතීතය වෙනස් කළ නොහැකි වුව ද, වඩා යහපත් අනාගතයක් උදා කර ගත හැකි ය. එසේම, වත්මන් ගෝලීය තත්ත්ව යටතේ චීනය සහ ඇමරිකාව අතර පවතින පොදු අවශ්‍යතා බෙහෙවින් ඉහළ ගොස් ඇත. චීනය සහ ඇමරිකාව සංවේදී ගැටළු නිසි ලෙස හසුරුවා ගනිමින්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් හා තිරසර අයුරින් සංවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී. 

ඇමරිකානු සමාගම් ඇතුළු ගෝලීය සමාගම් සඳහා වඩාත් පුළුල් ඉඩක් ලබාදීම උදෙසා, චීනය අඛණ්ඩව වෙළඳපොළකරණය, නෛතික භාවය හා ජාත්‍යන්තරකරණය සහතික කළ ඉතා උසස් තත්ත්වයේ ව්‍යාපාරික පරිසරයක් ගොඩනගමින් සිටින බව ද හෙතෙම පැවසීය.

ඇමරිකානු නියෝජිතයන් එහිදී ඉදිරිපත් කළ අදහස්වලට සාවධානව සවන් දුන් ෂී ජින් පිං මහතා, ඔවුන්ගේ ගැටළුවලට වෙන් වෙන් වශයෙන් ප්‍රතිචාර දැක්වීය.

ඇමරිකානු නියෝජිතයන් එහිදී පෙන්වා දුන්නේ, ඇමරිකා-චීන ආර්ථික සබඳතා ඉතා සමීප වී ඇති බවයි. දෙරටට සංවර්ධනය හා සමෘද්ධිය ළඟා කර ගත හැක්කේ සාමකාමී සහජීවනයෙන් පමණක් බව ද ඔවුහු අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම