පාකිස්ථානයේ Dasu හි ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-03-27 09:24:43
Share with:

පාකිස්ථානයේ Dasu හි බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක පිළිතුරු දෙයි.

චීනය මෙම ත්‍රස්තවාදී ක්‍රියාව තරයේ හෙළා දකින බවත්, විපතට පත්වූවන් වෙනුවෙන් බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්, විපතට පත්වූවන්ගේ ඥාතීන්ට අවංක සංවේගය ප්‍රකාශ කරන බවත් ඔහු පැවසීය. මෙම සිද්ධිය පිළිබඳ කඩිනමින් විමර්ශනය කර ඝාතකයා සොයා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස චීනය පාකිස්ථානයෙන් ඉල්ලා සිටී. එමෙන්ම, පාකිස්ථානයේ සිටින චීන ජාතිකයන්, ආයතන සහ ව්‍යාපෘතිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර ගන්න ලෙස ද චීනය ඉල්ලා සිටියි.

පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා ඊයේ (26) පස්වරුවේ සිය ශෝකය ප්‍රකාශ කිරීම සඳහා පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලයට ගොස් තිබේ. එහිදී හෙතෙම විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ චීන රජයට සිය සංවේගය ප්‍රකාශ කර ඇත. ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර, පාකිස්ථානය සහ චීනය අතර මිත්‍රත්වය විනාශ කිරීමට ත්‍රස්තවාදීන් දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව ද ඔහු පැවසීය. පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා, පාකිස්ථාන විදේශ අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇතුළු දේශපාලන ප්‍රධානීන් රැසක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.

චීනය සෑම ආකාරයකම ත්‍රස්තවාදයට විරුද්ධ වන අතර ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා පාකිස්ථානයේ ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස සහාය දෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. පාකිස්ථානයේ සිටින චීන ජාතිකයන්, ව්‍යාපෘති සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමට චීනය පාකිස්ථානය සමග වැඩිදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම