චීන උප ජනාධිපති "චීනයේ ආයෝජනය කිරීම" සමුළුවට එක් වෙයි
2024-03-27 11:33:20
Share with:

චීන උප ජනාධිපති Han Zheng මහතා ඊයේ(26) බෙයිජිං නගරයේ පැවති " චීනයේ ආයෝජනය කිරීම" මැයෙන් සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

චීන ආර්ථිකයේ ස්ථාවර සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනය අඛණ්ඩව කටයුතු කරන අතර සංවර්ධනයේ ජයග්‍රහණ විවිධ රටවල සමාගම් සමග ද හුවමාරු කර ගන්නා බව Han Zheng මහතා එහිදී පැවසීය. චීනයේ වෙළඳපළ විභවය අඛණ්ඩව වර්ධනය වීමෙන් විදේශ අරමුදල් සහිත ව්‍යවසායන් සඳහා වැඩි ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වනු ඇත. එමෙන්ම කාර්මික පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙන් ලෝක ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා විශ්වාසනීය සහයක් ලැබෙනු ඇති බවත්, ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව ප්‍රශස්ත කිරීමෙන් විදෙස් ආයෝජකයින්ට වඩා යහපත් සුරක්ෂිත ව්‍යාපාර පරිසරයක් නිර්මාණය වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

"චීනයේ ආයෝජනය කිරීම" සන්නාමය ගොඩනැගීම යනු ඉහළ මට්ටමේ විවෘත කිරීම් පුළුල් කිරීමේ සහ ආර්ථික ගෝලීයකරණය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමේ චීනයේ ප්‍රායෝගික ක්‍රියාවක් බව Han Zheng මහතා කියාසි‍ටියේය. චීනයේ ආයෝජනය කොට ව්‍යාපාර ආරම්භ කිරීමට පැමිණෙන විදේශීය ව්‍යාපාරික මිතුරන් සාදරයෙන් පිළිගන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

රටවල් සහ කලාප 17කින් පැමිණි ව්‍යාපාරිකයන් සහ චීනයේ සිටින විදේශ වාණිජ සංගම්වල නියෝජිතයන් 140කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම