දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
2024-03-27 16:01:40
Share with:

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකෙරුණු ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනතා අයිතියට පැවරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද (27)  විවෘත කරනු ලැබීය.

සය මහල් රෝහල ඇඳන් 640 කින් සහ ශල්‍යාගාර හයකින් සමන්විත වේ. 

හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක හා විශේෂ ළමා ඒකක ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම් මෙහිදී සැපයෙනු ඇත.

මේ සඳහා ජර්මානු රජය විසින් ලබා දී ඇති ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි.)

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම