මෙරට අවම වැටුප රු. 5000 කින් ඉහළට
2024-03-27 16:02:33
Share with:

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

ඒ අනුව, ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000 කින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී තිබේ.‍ මෙය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකි.

මීට අමතරව දෛනික වැටුප රු. 500 සිට 700 දක්වා රු. 200 කින් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවක ජාතික අවම වේතන පනත සංශෝධනය කෙරෙනු ඇත.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් වැටුප ඉහළ දැමීමට නිර්දේශ කර ඇතැයි ද රජය කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම