ඊශ්‍රායලය ජන සංහාරයක නිරත වූ බවට එක්සත් ජාතීන්ගේ නිලධාරිනියකගෙන් මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්
2024-03-27 09:57:56
Share with:

‘අත්පත් කරනු ලැබූ පලස්තීන භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු’ Francesca Albanese මහත්මිය ඊයේ(26) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළාය. ඊශ්‍රායලය ජන සංහාරය සිදු කළ බව එරට ගාසා තීරයට එල්ල කළ හමුදාමය මෙහෙයුම් හා ප්‍රචණ්ඩත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පැහැදිලි වූ බව එම වාර්තාව සඳහන් කරයි.  

වසර 2023 ඔක්තෝබර් 7වනදා සිට ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 32 දහසක් ඝාතනය කරනු ලැබූ අතර ඉන් 13 දහසක් දරුවන් වූ බව එම වාර්තාව පෙන්වා දෙයි. 12 දහසකට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරව සිටින අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 74 දහසකි. සියයට 70ක ජන නිවාස විනාශ කෙරුණු අතර ජනගහණයෙන් සියයට 80ක් අවතැන්ව සිටිති. මිලියන දෙකක පිරිසක් සාගින්නෙන් පෙළෙන බව ද එම වාර්තාවේ දැක්වේ.‍ 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම