චීන මාධ්‍ය සමූහය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපැයූ නිර්මාණ පෙළක් එළිදක්වයි
2024-03-27 18:03:35
Share with:

බෝඅඕ ආසියා සංසදයට සමගාමීව, චීන මාධ්‍ය සමූහය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇසුරෙන් කළ නිර්මාණ පෙළක් එළිදක්වයි. එම උත්සවය අද (27) පැවැත්විණ.

CGTN නාලිකාව විසින් නිර්මාණය කෙරුණු ‘චීන ජනප්‍රවාද’ නමැති චීනයේ ප්‍රථම කෘත්‍රිම බුද්ධි කෙටි නාට්‍යයේ බහු භාෂා සංස්කරණයන් ඇතුළුව චීන සම්භාව්‍ය කෘති හා ජනකතා ඇසුරෙන් නිමැවුණු කෘත්‍රිම බුද්ධි නිර්මාණ පෙළක් එහිදී නිකුත් කරනු ලැබීය. චීනය සතු පොහොසත් සාම්ප්‍රදායික සංස්කෘතිය හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මැනැවින් සුසංයෝග කර ඇති ආකාරය එහිදී රටවල් 26 ක මාධ්‍යවේදීන් හමුවේ පිළිබිඹු කෙරිණ.

චීන මාධ්‍ය සමූහයේ උපප්‍රධාන සංස්කාරක සහ CGTN නාලිකාවේ ප්‍රධාන සංස්කාරක Fan Yun මහතා කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිතය, තාක්ෂණික නිර්මාණශීලිත්වය හා භාවිත කිරීමේ ප්‍රමිති ඇතුළු අංශයන්හි චීන මාධ්‍ය සමූහය කළ සක්‍රිය පර්යේෂණ පිළිබඳ තොරතුරු එහිදී විග්‍රහ කළේය. චීන මාධ්‍ය ක්ෂේත්‍රයේ  කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කිරීමට අදාළ පළමු මාර්ගෝපදේශ සංග්‍රහය චීන මාධ්‍ය සමූහය විසින් සකස් කරනු ලැබ ඇතැයි ද Fan Yun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම