4 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයෙන් නව වාර්තා රැසක් පිළිබඳ අපේක්ෂා
2024-03-27 18:11:56
Share with:

එළඹෙන 4 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයෙන් නව වාර්තා රැසක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් 13 වැනි දා සිට 18 වැනි දා දක්වා පැවැත්වෙන බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (27)  පැවති මාධ්‍ය හමුවේ දී නිවේදනය කළේ ය. 

රටවල් හා ප්‍රදේශ 59 ක වෙළඳ සන්නාම 3000 කට වැඩි සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට එක්වීමට නියමිත ය. දෙස් විදෙස් භාණ්ඩ ගැනුම්කරුවන් හා නරඹන්නන් 55 දහසකට අධික පිරිසක් ද ඊට සහභාගි වනු ඇත. වර්ග මීටර් එක් ලක්ෂ 28 දහසක පමණ වපසරියකින් යුත් 4 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයෙන් නව වාර්තා රැසක් නිර්මාණය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම