රාමසාන් සමය තුළ ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නැංවීමේ තීරණය සම්මතයි
2024-03-26 10:19:27
Share with:


රාමසාන් සමය තුළ ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නැංවීමට අදාළ තීරණයක් ආරක්ෂක මණ්ඩලයේ දී  සම්මත කෙරේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංක 2728 තීරණය ඊයේ(25) සම්මත කරමින් එම ඉල්ලීම කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් 7වැනි දා පලස්තීන-ඊශ්‍රායල ගැටුම උග්‍ර වීමෙන් පසු ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ තීරණයක් ආරක්ෂක මණ්ඩලය සම්මත කළ ප්‍රථම අවස්ථාව මෙයයි. චීනය ඇතුළු එහි සාමාජිකත්වය දරන රටවල් 14ක් ඊයේ(14) පැවති ඡන්ද විමසීමේදී එම තීරණයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළේය. ඇමරිකාව ජන්දය දීමෙන් වැළකී සිටියේය.

එම තීරණයට අනුව, කිසිදු කොන්දේසියකින් තොරව රැඳවා ගෙන ඇති පුද්ගලයන් සියලු දෙනාම කඩිනමින් නිදහස් කළ යුතු අතර, මානුෂීය සැපයුම් ගාසා තීරයට ඇතුළු වීම සහතික කළ යුතු ය. එහි වෛද්‍ය සේවා හා සෙසු මානුෂවාදී ඉල්ලුම් සපුරාලීම ඉන් අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර  නීතියේ සඳහන් වන වගකීම් හා යුතුකම් ඉටු කරන ලෙසත් එමගින් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එම තීරණය සම්මත කිරීමෙන් පසු අදහස් දක්වමින් එය අනිවාර්යයෙන් ම ක්‍රියාවට නැංවිය යුතු බව අවධාරණය කළේය. මෙම තීරණය රාමසාන් සමයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම පළමුවැනි පියවර පමණක් වන අතර එය පදනම් ව දිගු කාලීන සටන් විරාමයක් කරා අදාළ පාර්ශ්ව පෙළඹවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම