මහ බැංකු පොළී අනුපාත තවදුරටත් අඩුකෙරේ
2024-03-26 17:17:01
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් අඩු කිරීමට තීරණය කරයි. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, 8.5% සහ 9.5% දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඉලක්කගත 5% ක මට්ටමේ උද්ධමනය පවත්වාගනිමින්, සෙසු ආර්ථික ඉලක්ක කරා ළඟා විය හැකි පරිදි ජාත්‍යන්තර ආර්ථිකය ද තක්සේරු කර මෙම පියවර ගත් බව මහ බැංකුව කියයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම