චීනයේ සහායෙන් ඉදිකෙරුණු දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට
2024-03-26 17:22:34
Share with:

රුපියල් කෝටි 400 ක් වැය කරමින් ඉදිකෙරුණු දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත පැවරේ. චීන විද්‍යා ඇකඩමියේ උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිං යන්ග් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය අද (26) පැවැත්විණ.  

චීන රජයේ මූල්‍ය පරිත්‍යාග මත පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකෙරුණු ජල පර්යේෂණ හා විද්‍යා තාක්ෂණ පර්යේෂණ ආයතනය චීන-ශ්‍රී ලංකා පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස නම්කර තිබේ. ජලය හා සම්බන්ධ සියලුම පර්යේෂණ මෙන්ම පස්,  වායුගෝලය, පරිසර දූෂණ තත්ත්ව හා  සෞඛ්‍ය ගැටලු ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබද පර්යේෂණ මෙමගින් සිදුකෙරෙනු ඇත. මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කරන්නේ ආචාර්ය සුචිත්‍රක වේරගොඩ මහතා යි.

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව විවිධ පර්යේෂණවල නියැලෙන්නන්ට ද මෙම මධ්‍යස්ථානය තුළින් පහසුකම් සැපයීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම