චීනය ලෝක ආර්ථිකයට නව ගාමක බලයක් එක් කර ඇති බව ගෝලීය සංවිධාන ප්‍රධානීහු පවසති
2024-03-26 14:40:51
Share with:

චීනය ලෝක ආර්ථිකයට නව ගාමක බලයක් එක් කර ඇතැයි චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික සමුළුවට එක්වූ සම්භාවනීය අමුත්තෝ පවසති. ඊයේ(25) එම සමුළුව බෙයිජිංහිදී අවසන් විය.

ගෝලීය වෙළඳපොලේ බලය හා සම්පත් කළමනාකරණය ඒකාබද්ධව නිසි ලෙස භාවිත කිරීමෙන් ආර්ථික වර්ධනයට යොමු විය හැකි අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමේ අධිෂ්ඨානය ද චීන ජනතාවට ඉහළ සමෘද්ධිය ගෙන දෙනු ඇතැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය සමුළුවෙන් අනතුරුව චීන මාධ්‍ය සමූහය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවාය.

චීනය වර්තමානයේ ආර්ථික ව්‍යුහාත්මක විපර්යාසයක් අත්දකිමින් සිටින බවත් ඒ සඳහා නවෝත්පාදන තාක්ෂණය, හරිත කර්මාන්ත හා පරිභෝජනයේ වර්ධනය අවශ්‍ය වන බවත් ලෝක බැංකු සභාපති  Ajay Banga මහතා එහිදී කියාසිටියේය. මෙවැනි විශාල ආර්ථික ඒකකයකට, සියයට 5ක ආර්ථික වර්ධන අපේක්ෂාව විස්මිත ඉලක්කයක් වන බව ද ඔහු පෙන්වා දෙයි.

ආසියාවේ වර්ධනයට පමණක් නොව ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනයට ද චීනය ලබා දුන් දායකත්වය ඉතා කැපී පෙනෙන බව නව සංවර්ධන බැංකුවේ උප ප්‍රධානී Leslie Maasdorp මහතා ද එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම