ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු පිළිබඳව රුසියාව දැඩි අවධානයෙන්-- පුටින්
2024-03-26 10:01:46
Share with:

මොස්කව්හි රංග ශාලාවකට එල්ලවූ  ත්‍රස්ත ප්‍රහාරය‍, IS සංවිධානයේ ක්‍රියාවක් බවත් ඊට යුක්රේනයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් විශ්වාස කිරීමට  ඇමරිකාව විවිධ මාර්ග ඔස්සේ සියළු දෙනා පෙළඹවීමට උත්සාහ කරමින් සිටින්නේ යැයි රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ(25) පැවසීය.

 එම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන් එල්ල කළ බවට  රුසියාව විසින් සනාථ කර ගෙන තිබේ. එහෙත් ඔවුන්ගේ අනුග්‍රාහකයින් සම්බන්ධ තොරතුරු කෙරෙහි රුසියාව වඩාත් සැලකිලිමත් වන බව Vladimir Putin මහතා කීය.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ත්‍රස්තවාදීන් යුක්රේනය වෙත පලා යාමේ හේතුව හා එහිදී ඔවුන් අපේක්ෂාවෙන් සිටි පාර්ශ්වය පිළිබඳව රුසියාව විමර්ශනය කළ යුතු ය. යුක්රේන රජයට පක්ෂපාතී පුද්ගලයන්, ත්‍රස්තවාදී මෙහෙයුමට සහය ලබා දෙන පාර්ශ්වය බවට පත් වීමට අකැමැත්තෙන් සිටිය හැකි නමුත්, තව බොහෝ සැක උපදවන කරුණු පවතින බව ද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම