මෙවර වසන්ත ඍතුවේ දී තවදුරටත් පුළුල් වන චීන - නාවුරු සබඳතා
2024-03-26 20:48:41
Share with:

ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන චීනය සහ පැසිෆික් සාගරයේ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රටක් වන නාවුරු ජනරජය අතර මිත්‍රත්වය 2024 වසරේ වසන්ත ඍතුවේ දී වඩාත් පුළුල් වී තිබේ.

මාර්තු 24 වැනිදා සිට එළඹෙන 29 වැනිදා දක්වා නාවුරු ජනාධිපති David Adeang මහතා චීනයේ නිල සංචාරයක නිරත ව සිටී. මේ වසරේ ජනවාරි මාසයේ චීනය සහ නාවුරු රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු නාවුරු ජනාධිපතිවරයා චීනයේ සිදු කරන පළමු සංචාරය මෙය යි.

ලොකු හෝ කුඩා, ප්‍රබල හෝ දුර්වල, පොහොසත් හෝ දිළිඳු යන සියලු රටවල් එක හා සමාන බව චීනය සැමවිටම විශ්වාස කරයි. චීනයේ ජනගහණය බිලියන 1.4 ඉක්මවන අතර නාවුරු රාජ්‍යයේ  ජනගහණය 10000 ක පමණ කුඩා අගයකි. "සියලු දෙනාට සමානාත්මතාවයෙන් සැලකීම චීනයේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ පවතින සුවිශේෂී ලක්ෂණයක්" බව චීනය නාවුරු ජනරජය වෙත ලබා දී ඇති ගෞරවය සහ අනුග්‍රහය තුළින් මනාව සනාථ වී තිබේ.

ජනවාරි මාසයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි අරඹා, මාර්තු මාසය වනවිට එහි ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීම දක්වා දෙරට අතර සබඳතා ප්‍රශස්ත ලෙස වර්ධනය වීමේ පදනම වන්නේ එකම චීනය මූලධර්මයයි. ජනාධිපති David Adeang මහතා ගේ චීන සංචාරයේ දී දෙපාර්ශ්වයම මෙම මූලධර්මය නැවත තහවුරු කර ඇත. තම රට සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම "නාවුරු-චීන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක්" බව ද ඔහු පැවසීය.

ජනාධිපති Adeang මහතාගේ චීන සංචාරය අතරතුර, චීනය සමඟ "එක් තීරයක් එක් මාවතක්”සහයෝගිතා ඇරඹූ තවත් රටක් බවට නාවුරු රාජ්‍යය පත් විය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ මුහුදු ජලය ලවණීකරණය, හරිත බලශක්තිය හා ප්‍රතිචක්‍රීකරණ සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල පුළුල් ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්විය හැකි වනු ඇති බවට විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

Adeang මහතාගේ චීන සංචාරයේ ධනාත්මක බලපෑම්,පැසිෆික් දූපත් රටවල සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කොට දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල අයිතිවාසිකම් සුරක්ෂිත කරනු  ඇතැයි ද විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම