චීන-හොන්ඩුරාස් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ පළමු සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
2024-03-26 11:00:46
Share with:

චීනය හා හොන්ඩියුරාස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ පළමු සංවත්සරය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (26) හොන්ඩුරාස් ජනාධිපති Iris Xiomara Castro Sarmiento මහත්මිය සමග සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්තේය.

වසරකට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට චීනය සහ හොන්ඩුරාස් රාජ්‍යය අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු සංවර්ධනය යන මූලධර්මවලට අනුගත වී ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමක සිට සංවර්ධනය කිරීම සහතික කර ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. හොන්ඩුරාස් රාජ්‍යය එකම චීනය මූලධර්මය දැඩිව පිළිපදින බවත් එය තමා බෙහෙවින් අගය කරන බවත් ඔහු පැවසීය.

චීන-හොන්ඩුරාස් සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. අන්‍යෝන්‍ය සහයෝගය තහවුරු කර සර්ව සම්පූර්ණ සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින්, චීන-හොන්ඩුරාස් සබඳතා සඳහා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට ජනාධිපති Iris Xiomara Castro Sarmiento මහත්මිය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා පැවසීය.

පසුගිය වසර තුළ, නවෝත්පාදන සංවර්ධනයේදී, ගෝලීය ගැටළු විසඳීම පිළිබඳ සාකච්ඡා සඳහා පෙළඹවීමේදී සහ ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීමේදී චීනය ලබා දුන් විශාල දායකත්වය සියැසින්ම දුටු බව Iris Xiomara Castro Sarmiento මහත්මිය එහිදී පැවසුවාය. හොන්ඩුරාස් රාජ්‍යය එකම චීනය යන මූලධර්මය දැඩිව පිළිපදින අතර චීනය සමග ස්වාධීන සහ ස්වෛරි මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවනීය ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඇය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම