චීන අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා හා ලෝක බැංකු සභාපතිවරයා හමුවෙයි
2024-03-26 10:18:12
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා වෙන් වෙන්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය හා ලෝක බැංකු සභාපති Ajay Banga මහතා හමුවෙයි. එම හමුවීම් ඊයේ(25) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදුවිණ.

ආර්ථික ගෝලීයකරණය, නිදහස් වෙළඳාම, ගෝලීය කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ විවෘත ලෝක ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය.

චීනය යහපත් නම් ලෝකය ද යහපත් වනු ඇති බව Kristalina Georgieva මහත්මිය එම අවස්ථාවේදී පැවසුවාය. ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිසේත් එකඟ නොවන බව ද ඇය සඳහන් කළාය. සිය සංවිධානය තුළ චීනයේ නියෝජනය සහ හඬ තවදුරටත් වැඩිදියුණු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඇය කියාසිටියාය.

ලෝක බැංකුව විවිධ රටවල් සමග ඇති සහයෝගිතා සමග සැසඳීමේදී චීනය සමග පවතින සහයෝගිතාව මනා ආදර්ශයක් බවත්, චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට ලෝක බැංකුව කැමැත්තෙන් සිටින බවත් Ajay Banga මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම