පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් චීන ජාතිකයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට
2024-03-26 20:22:37
Share with:

චීන ජාතිකයෝ 5 දෙනෙක් පාකිස්ථානයේ දී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය යති. චීන සමාගම් විසින් ඉදිකෙරෙන එරට Dasu ජලවිදුලි බලාගාරයට අයත් වාහනයකින් ගමන් කරමින් සිටිය දී, අද (26) දහවල් 1.00 ට පමණ ඔවුන් එම ත්‍රස්ත ප්‍රහාරයට ලක් ව තිබේ. එම ප්‍රහාරයෙන් චීන ජාතිකයන් 5 දෙනෙකු හා පාකිස්ථාන ජාතිකයෙකු මිය ගොස් ඇතැයි පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

එම ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින චීන තානාපති කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ද පාකිස්ථාන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම